Posts

Showing posts from March, 2019

ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතකයන් ඉවතලනු හැකි වුනත්       මතකයන් උදෙසාම දිවි ගෙවමි කාලයන් පෙරලනු හැකි වුනත්       ඒ සොදුරු දිනය දැක සිනා සෙමි කාල අක්ෂය දිගේ ගමන් කල හැකි නම්          නෙතු ගැටුණු ඒ මොහොත සොයා ගත හැකි නම් හැකි වේවි මේ මොහොත පහසුවෙන් විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට මතක කැටි අහුලා එකතු කල හැකි නම්          පොදි ගැසූ මතකයන් විසි කල හැකි නම් හැකි වේවි ඔහු පහස ඔහු සමග විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට