Posts

Showing posts from February, 2014
ආදරය..... ආදරය යනු කිම්ද ? එය “සීමාවකි”. ලෝකයා දෙස මා පටුව බලන්නේ යයි, කෙනෙක් කියනු ඇත..... නමුත් සිතන්න..... ආදරය කරන ප්‍රමාණය පුළුල් වන තරමට, සිමාව පටු වනු ඇත... ආදරය නොකෙරෙන තරමට සිමා කිසිවකුදු නැත, සලකනේද නැත.... විටෙක මහා මෙරක් බදු යයි හැගෙන ආදරය.. විටෙක පිහාටුවක් වැන්න.... සබැ ආදරය ඇත්තා එය නොපෙන්වති, පරීක්ෂා නොකරති..... ආදරය යනු කුමක්දැයි නොදන්නා එය විස්වාස කරති.... ආදරය ඇරබීමට මොහොතක් ඇති මුත්... වියැකෙන්නට කල්පයක් ගත වනු ඇත.... සිමාවේ තරම අනුව , ඇති වීමද , නැති වීමද,    පැවතීමද .... විනිශ්චය වනු ඇත..... විටෙක ආදරය ඕනෑ වන අතර... තවත් විටෙක එය ඕනෙවට වඩා ඕනෑ  වෙති .... තවත් විටෙක එය නොවුමනා ලෙස හැගුනද.... එය තවත් තාවකාලික හැගීමකි.... සිමා දෙවර්ගයකි වඩා  පුළුල් කොටසක් ආවරණය කරන පටු සිමා... මෙන්ම ඉතා පටු කොටසක් ආවරණය කරන  පුළුල් සිමා.. ලෙසටය.... ත්‍රිමානය දකින දෙනතට...ආදරය නොපෙනුනද.... ආදරය දකින ද්විමානය දකින තිනෙතට ...... සීමාවෙහි උසෙහි වෙනස්කම් නොතේරුනද.... පෙරලා ආදරය කිරීමේදී දිග හා පළල සැළකෙනු ඇත ...... හුදෙක් එදිනෙදා ජීවිතයේදී අත්දුට
ණය ගෙවීමට නොහැකි බව මම දනිමි..... මට මතක ඇති කාලයක සිටද, මට මතක නැති කාලයක සිටද, මා ලගින් සිට මට දෙනෙත් විවර කිරීමට තබා.. හරි හැටි අඩන්නවත් නොදත් .... දුබල ලාබාල ජීවියෙකු වූ ඒ සමයේ පටන්...... වර්ණවත් ලෝකය පෙන්වමින් , අරුම පුදුම ලෝකයේ වූ අරුම පුදුම නානාවිද වස්තුන් එකිනෙක ගැන කියා දෙමින්.... හඩන විට නලවමින්, තුරුලට ගනිමින්ද, ලේ කිරි කොට මා පෝෂණය කරමින්ද, හිස එසවිමටද, හිස කෙලින් තබා සිටීමටද, දිරි ගන්වමින්... පොලබවමින්..... ක්‍රම ක්‍රමයෙන් කිරිසුවද ඇති කටට  මිනිස් වචන හුරු කරවමින්ද, ස්වභාව ධර්මයාට ආදරය කිරීමට කියා දෙමින්ද, එහි අසිරිය පෙන්වමින්ද, දෙපා බිම තබා සිටගැනීමට නොහැකි සිනිදු , කෝමල, මෘදු, දුර්වල දෙපා වලට මා කෙලින් තබා සිටීමට උවමනා බව පසක් කරමින්ද... වැටි වැටී වුවද සිටගතු යුතු බව පසක් කරමින්ද, සිටගැනීමට උගත් මා හට එය පමණක් නොසෑහෙන බව පසක් කරමින්ද ලපටි දෑත තම දෑහිලි වල පටලා ස්වාදීනව ඇවිදීමට උදව් කල ඒ දැත් හිමි.... මාගේ හොද වැඩ ගැන ආඩම්බර වුද, දග  වැඩ කෙරේ ආදරය කලද, ආදරය උතුරන දෑස් වලින් මා ම දෙස බැලු..... මගේ ආදරණිය තාත්තේ......, ආදරණිය අම්මේ......, කෙලෙසක කියා නිම කරන්නද