Posts

Showing posts from 2014

Just few More Hours.....

"Live like the last day of your life" Hope you have herd the famous saying Once I lived thy last day of my life Never ever think of living like that You'll see everything in a different way Even the smiles on peers face The streets you walked will not be the same You'll feel like you've got a lot to learn You will pass a lot of beautiful things But I bet you'll not notice a thing You'll forget the once you cared for You'll scream out your name dared for You'll see thy - truth world around Built on lies and decorated with sins You'll try to find "What is life" And you'll proclaim, that its meaning less You'll realize how much you loved yourself! You'll realize minutes are too precious to waste for others! You'll realize living is pathetic and cynical! Alas! You'll dream how the future would have be! Its a tough decision_ I know_ But you have a self right to do it so Yet, you will pray for things t

ලොවට සද සදක්මය ඇය එලෙස නොසිතුවත්......

නෙක දහස් තරු ගහන අහස ගැබ    සිනැසෙමින් උඩගුවෙන් ඇයිද සද තනිව සිට             දිදුලමින් වලා හා මුකුළු කොට සිනසෙමින්    සැන්ගේමින් දගකාර සද කුමරි කෙලිලොල්ය          සැමවිටින්  නෙක දහස් තරු කුමරු ඈව දැක      කැලැබුනත් උන් වෙතින් කිරණ පොදි තෑගි ලෙස       එවුවත් තේජසින් මිතුදමින් ඇය කරා ලං               වුවත් සද කුමරි තනිකඩය වලා සිප           සැන්ගෙමින් පොළෝ මත සිසිලසේ සොමි කිරණ     වගුරමින් දිවා කල කටුක බව ඔහු වෙතින්            දුරලමින් ලෝ නිරිදු හට සතුරු තියුණු අවි      මොට ලමින් නිරතුරුව සිත් බැන්දේ ලෝ නිරිදු වෙත   තෙදින් වැව්‍ දියේ ඇළ දොලේ රටාවන්            මැවූවත් කවි කුකවි හුදී ජන මත් බවින්           කැලබුනත් රුක් අරණ මද්‍යයේ පාලු බව               නැසුවත් ලොවට සද සදක්මය ඇය එලෙස     නොසිතුවත් 2014

මහලු නිවාසයක කල් ගෙවන මවක්....

නිරසය නීරසය ගත වන සැම            දිනක තවත් මා වැනිම වැඩිමල් අය            එක්ක සිහිවෙනවා හිටියා මම නුබේ           එක්ක අනේ දෙවියනේ එනවද පුතු             එක්ක පුත  නුබ  මා  කුසට පැමිණිය දිනයේ         පටන් සිතුවේ පැතුවේ නුබේ සතුටය එදා           සිටන් හැදුවේ වැදුවේ ම නුබ මහා මෙරක්       ලෙසින් දැන් මාගේ වරද වියපත් වූ බවද              කියන් මෙහි නිතරම කලබැගෑනි ඇති              වෙනවා පින් රැස් කරන දරුවන් මෙහි පැමි       ණෙනවා පැමිණ අපේ සැප දුක් කම් විම                සනවා මතකය නුබේ නෙතු කදුලෑලි              පුරවනවා එන්නට ම බලන්නට බැරි ඇයිද               පුතේ එනවට නුබේ බිරිදෑ අකමැතිද                  පුතේ නැතිනම් මගෙන් වරදක් සිදු වුනිද            පුතේ තනිකම දුක මිසක් වරදක් නොමැත         සිතේ මගේ පුතේ සම දිනම ඔබහට සුබ          වේවා! දුක් කදුලැලි අග හිගකම් නොම              වේවා! නුබේ දරු පැටව යහතින් වැජ                  බේවා! පුතුනේ නුබට මේ ඉරණම නොම          වේවා! 2003
ආදරය..... ආදරය යනු කිම්ද ? එය “සීමාවකි”. ලෝකයා දෙස මා පටුව බලන්නේ යයි, කෙනෙක් කියනු ඇත..... නමුත් සිතන්න..... ආදරය කරන ප්‍රමාණය පුළුල් වන තරමට, සිමාව පටු වනු ඇත... ආදරය නොකෙරෙන තරමට සිමා කිසිවකුදු නැත, සලකනේද නැත.... විටෙක මහා මෙරක් බදු යයි හැගෙන ආදරය.. විටෙක පිහාටුවක් වැන්න.... සබැ ආදරය ඇත්තා එය නොපෙන්වති, පරීක්ෂා නොකරති..... ආදරය යනු කුමක්දැයි නොදන්නා එය විස්වාස කරති.... ආදරය ඇරබීමට මොහොතක් ඇති මුත්... වියැකෙන්නට කල්පයක් ගත වනු ඇත.... සිමාවේ තරම අනුව , ඇති වීමද , නැති වීමද,    පැවතීමද .... විනිශ්චය වනු ඇත..... විටෙක ආදරය ඕනෑ වන අතර... තවත් විටෙක එය ඕනෙවට වඩා ඕනෑ  වෙති .... තවත් විටෙක එය නොවුමනා ලෙස හැගුනද.... එය තවත් තාවකාලික හැගීමකි.... සිමා දෙවර්ගයකි වඩා  පුළුල් කොටසක් ආවරණය කරන පටු සිමා... මෙන්ම ඉතා පටු කොටසක් ආවරණය කරන  පුළුල් සිමා.. ලෙසටය.... ත්‍රිමානය දකින දෙනතට...ආදරය නොපෙනුනද.... ආදරය දකින ද්විමානය දකින තිනෙතට ...... සීමාවෙහි උසෙහි වෙනස්කම් නොතේරුනද.... පෙරලා ආදරය කිරීමේදී දිග හා පළල සැළකෙනු ඇත ...... හුදෙක් එදිනෙදා ජීවිතයේදී අත්දුට
ණය ගෙවීමට නොහැකි බව මම දනිමි..... මට මතක ඇති කාලයක සිටද, මට මතක නැති කාලයක සිටද, මා ලගින් සිට මට දෙනෙත් විවර කිරීමට තබා.. හරි හැටි අඩන්නවත් නොදත් .... දුබල ලාබාල ජීවියෙකු වූ ඒ සමයේ පටන්...... වර්ණවත් ලෝකය පෙන්වමින් , අරුම පුදුම ලෝකයේ වූ අරුම පුදුම නානාවිද වස්තුන් එකිනෙක ගැන කියා දෙමින්.... හඩන විට නලවමින්, තුරුලට ගනිමින්ද, ලේ කිරි කොට මා පෝෂණය කරමින්ද, හිස එසවිමටද, හිස කෙලින් තබා සිටීමටද, දිරි ගන්වමින්... පොලබවමින්..... ක්‍රම ක්‍රමයෙන් කිරිසුවද ඇති කටට  මිනිස් වචන හුරු කරවමින්ද, ස්වභාව ධර්මයාට ආදරය කිරීමට කියා දෙමින්ද, එහි අසිරිය පෙන්වමින්ද, දෙපා බිම තබා සිටගැනීමට නොහැකි සිනිදු , කෝමල, මෘදු, දුර්වල දෙපා වලට මා කෙලින් තබා සිටීමට උවමනා බව පසක් කරමින්ද... වැටි වැටී වුවද සිටගතු යුතු බව පසක් කරමින්ද, සිටගැනීමට උගත් මා හට එය පමණක් නොසෑහෙන බව පසක් කරමින්ද ලපටි දෑත තම දෑහිලි වල පටලා ස්වාදීනව ඇවිදීමට උදව් කල ඒ දැත් හිමි.... මාගේ හොද වැඩ ගැන ආඩම්බර වුද, දග  වැඩ කෙරේ ආදරය කලද, ආදරය උතුරන දෑස් වලින් මා ම දෙස බැලු..... මගේ ආදරණිය තාත්තේ......, ආදරණිය අම්මේ......, කෙලෙසක කියා නිම කරන්නද