ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතකයන් ඉවතලනු හැකි වුනත්
      මතකයන් උදෙසාම දිවි ගෙවමි
කාලයන් පෙරලනු හැකි වුනත්
      ඒ සොදුරු දිනය දැක සිනා සෙමි

කාල අක්ෂය දිගේ ගමන් කල හැකි නම්
         නෙතු ගැටුණු ඒ මොහොත සොයා ගත හැකි නම්
හැකි වේවි මේ මොහොත පහසුවෙන් විදින්නට
          හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතක කැටි අහුලා එකතු කල හැකි නම්
         පොදි ගැසූ මතකයන් විසි කල හැකි නම්
හැකි වේවි ඔහු පහස ඔහු සමග විදින්නට
          හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට

Comments

Popular posts from this blog

ඔබ ඔබම වූයේ කෙසේද?

I Dimmed First

කවිකාරි අද ගොලුවෙලා