Posts

කවිකාරි අද ගොලුවෙලා

Image
අල්ලාන ඔබේ දෑත පිය මැන්න රුක් යාය දැනිලාද ඔය පහස අද ඉන්නේ ලැජ්ජා වෙලා.... දන සිබිමින් පොලෝ තලය, නෙතේ පුරා ආදරය              කවිකාරි අද ගොලුවෙලා... සමනල්ලු වරුසාව සියොතුන්ගේ ගී ස්වරය දැනිලාද ඔය පහස අද කාලයේ නැවතිලා.... නෙතේ මුතු කැට වරුසාව, අතරින් දුටුවා මුදු පොඩිය කවිකාරි අද ගොලුවෙලා... හුස්මේද හද ස්වරය ගැබ් වුව ඒ මෙහොත සුන්දරය ජීවිතය හොරහින්ම මට පැවසුවා.....

ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතකයන් ඉවතලනු හැකි වුනත්       මතකයන් උදෙසාම දිවි ගෙවමි කාලයන් පෙරලනු හැකි වුනත්       ඒ සොදුරු දිනය දැක සිනා සෙමි කාල අක්ෂය දිගේ ගමන් කල හැකි නම්          නෙතු ගැටුණු ඒ මොහොත සොයා ගත හැකි නම් හැකි වේවි මේ මොහොත පහසුවෙන් විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට මතක කැටි අහුලා එකතු කල හැකි නම්          පොදි ගැසූ මතකයන් විසි කල හැකි නම් හැකි වේවි ඔහු පහස ඔහු සමග විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට

සමාවෙන්න දුව...

සමාවෙන්න දුව හිනැහෙනු බෑ මට වෙනදා මෙන් අද සිනහව දැක නුබ මගේ අහස් කුස තිබු එකම සද, නෙක වර්ණ කැන් පොදි හකුලා එලිය කරන්නද මේ සැරසෙන්නේ යන්නට වෙන ගගනක් සොයලා... දිවිය සපිරුනේ නුබෙ මදහස ඇක මිණි රුවනයි එය ගෙදර එලිය කල සිනා පොකුරු අරගෙන නුබ යනවද විනා නුබේ ලොව හැඩ කරනා... එදින මවුන්ටත් වඩා හැඩයි ඔබ පුර සද මෙනි ඔසරිය පටලා සමාවෙන්න මට බෑ සගවන්නට නෙතේ කදුලු මට එරෙහි වෙලා...

Fathers Eyes

I felt Jelous, Seing the same look, In another persons eyes Towards his son, Just like my fathers eyes, At me ......

සෙනෙහස

පද බැදීය             නොහැකි තේරුම් ගත         නොහැකි වටහා ගත           නොහැකි මෙලොව එකම       ස්ත්‍රී පුරුෂ බැදීම..... තාත්තා සහ දුවනිය

සිනහව

අමිල නොමිල සුනිමල නිර්මල මුව කමල සංග්‍රහය සිනහව.....

අසම්මත පෙම

ඔහු කෙරේ  නොලියවුනු පෙම් කවි මොහු කෙරේ ලියවුනේ නොතේරේ  මන්ද........