Posts

Showing posts from 2019

කවිකාරි අද ගොලුවෙලා

Image
අල්ලාන ඔබේ දෑත පිය මැන්න රුක් යාය දැනිලාද ඔය පහස අද ඉන්නේ ලැජ්ජා වෙලා.... දන සිබිමින් පොලෝ තලය, නෙතේ පුරා ආදරය              කවිකාරි අද ගොලුවෙලා... සමනල්ලු වරුසාව සියොතුන්ගේ ගී ස්වරය දැනිලාද ඔය පහස අද කාලයේ නැවතිලා.... නෙතේ මුතු කැට වරුසාව, අතරින් දුටුවා මුදු පොඩිය කවිකාරි අද ගොලුවෙලා... හුස්මේද හද ස්වරය ගැබ් වුව ඒ මෙහොත සුන්දරය ජීවිතය හොරහින්ම මට පැවසුවා.....

ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතකයන් ඉවතලනු හැකි වුනත්       මතකයන් උදෙසාම දිවි ගෙවමි කාලයන් පෙරලනු හැකි වුනත්       ඒ සොදුරු දිනය දැක සිනා සෙමි කාල අක්ෂය දිගේ ගමන් කල හැකි නම්          නෙතු ගැටුණු ඒ මොහොත සොයා ගත හැකි නම් හැකි වේවි මේ මොහොත පහසුවෙන් විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට මතක කැටි අහුලා එකතු කල හැකි නම්          පොදි ගැසූ මතකයන් විසි කල හැකි නම් හැකි වේවි ඔහු පහස ඔහු සමග විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට