ආදරය.....

ආදරය යනු කිම්ද ?
එය “සීමාවකි”.
ලෝකයා දෙස මා පටුව බලන්නේ යයි, කෙනෙක් කියනු ඇත.....

නමුත් සිතන්න.....
ආදරය කරන ප්‍රමාණය පුළුල් වන තරමට, සිමාව පටු වනු ඇත...
ආදරය නොකෙරෙන තරමට සිමා කිසිවකුදු නැත, සලකනේද නැත....

විටෙක මහා මෙරක් බදු යයි හැගෙන ආදරය..
විටෙක පිහාටුවක් වැන්න....

සබැ ආදරය ඇත්තා එය නොපෙන්වති, පරීක්ෂා නොකරති.....
ආදරය යනු කුමක්දැයි නොදන්නා එය විස්වාස කරති....
ආදරය ඇරබීමට මොහොතක් ඇති මුත්...
වියැකෙන්නට කල්පයක් ගත වනු ඇත....

සිමාවේ තරම අනුව , ඇති වීමද , නැති වීමද, 
 පැවතීමද....
විනිශ්චය වනු ඇත.....

විටෙක ආදරය ඕනෑ වන අතර...
තවත් විටෙක එය ඕනෙවට වඩා ඕනෑ වෙති....
තවත් විටෙක එය නොවුමනා ලෙස හැගුනද....
එය තවත් තාවකාලික හැගීමකි....

සිමා දෙවර්ගයකි
වඩා  පුළුල් කොටසක් ආවරණය කරන පටු සිමා...
මෙන්ම ඉතා පටු කොටසක් ආවරණය කරන  පුළුල් සිමා..
ලෙසටය....

ත්‍රිමානය දකින දෙනතට...ආදරය නොපෙනුනද....
ආදරය දකින ද්විමානය දකින තිනෙතට ......
සීමාවෙහි උසෙහි වෙනස්කම් නොතේරුනද....
පෙරලා ආදරය කිරීමේදී දිග හා පළල
සැළකෙනු ඇත ......

හුදෙක් එදිනෙදා ජීවිතයේදී අත්දුටුවත්...
වැටහ ගැන්මට නොහැකි තරම් එහි ඇති අරුමය කිම්ද.....

අපට නොදැනී අපි අයත්
වන මේ සිමාව..
අබිමුවේදී අපි අපව අමතක කර
අපේ අයිතිය ගැන කතා කරීමට පෙලබෙනු ඇත

අපට නොදැනී අප වෙලා ගන්නා
වූ මේ වලාව...
මෙලොව ඉපදුනු මොහොතේ ප්‍රථම හුස්මත් සමගද වෙලාගතිද?
මවු කුසේ ජනිත මොහොතේ සෙල අකිනෙක බැදෙනු  දැක ඇතිවුනිද?
නොදනිනා මුත්
වයසින් මුහුකුරා යත්ම තිනෙත එහි සිමාවන් සනිටුහන් වෙනු 
දැක ඇත්තෙමි.... අත්දැක ඇත්තෙමි......



Comments

Popular posts from this blog

Just few More Hours.....