ණය ගෙවීමට නොහැකි බව මම දනිමි.....


මට මතක ඇති කාලයක සිටද, මට මතක නැති කාලයක සිටද, මා ලගින් සිට මට දෙනෙත් විවර කිරීමට තබා.. හරි හැටි අඩන්නවත් නොදත් .... දුබල ලාබාල ජීවියෙකු වූ ඒ සමයේ පටන්......
වර්ණවත් ලෝකය පෙන්වමින් , අරුම පුදුම ලෝකයේ වූ අරුම පුදුම නානාවිද වස්තුන් එකිනෙක ගැන කියා දෙමින්.... හඩන විට නලවමින්, තුරුලට ගනිමින්ද, ලේ කිරි කොට මා පෝෂණය කරමින්ද, හිස එසවිමටද, හිස කෙලින් තබා සිටීමටද, දිරි ගන්වමින්... පොලබවමින්.....
ක්‍රම ක්‍රමයෙන් කිරිසුවද ඇති කටට  මිනිස් වචන හුරු කරවමින්ද, ස්වභාව ධර්මයාට ආදරය කිරීමට කියා දෙමින්ද, එහි අසිරිය පෙන්වමින්ද, දෙපා බිම තබා සිටගැනීමට නොහැකි සිනිදු , කෝමල, මෘදු, දුර්වල දෙපා වලට මා කෙලින් තබා සිටීමට උවමනා බව පසක් කරමින්ද... වැටි වැටී වුවද සිටගතු යුතු බව පසක් කරමින්ද, සිටගැනීමට උගත් මා හට එය පමණක් නොසෑහෙන බව පසක් කරමින්ද ලපටි දෑත තම දෑහිලි වල පටලා ස්වාදීනව ඇවිදීමට උදව් කල ඒ දැත් හිමි....
මාගේ හොද වැඩ ගැන ආඩම්බර වුද, දග  වැඩ කෙරේ ආදරය කලද, ආදරය උතුරන දෑස් වලින් මා ම දෙස බැලු.....
මගේ ආදරණිය තාත්තේ......, ආදරණිය අම්මේ......, කෙලෙසක කියා නිම කරන්නද මා වෙනුවෙන් ඔබ කර ඇති දෙයක තරම....
මට කෙලසකින් ඔහොම ආදරය කරයිද ...... මට නම් නොවැටහේ ........

ඒ ණය ගෙවීමට නොහැකි බව මම දනිමි.. එය තබා  ඒ හා සරිලන ආදරයක් කෙලෙසක නැවත ලබා දෙම්ද.... මට නොවැටහේ.....නොතේරේ....

Comments

Popular posts from this blog

Just few More Hours.....