කවිකාරි අද ගොලුවෙලා



අල්ලාන ඔබේ දෑත
පිය මැන්න රුක් යාය
දැනිලාද ඔය පහස
අද ඉන්නේ ලැජ්ජා වෙලා....

දන සිබිමින් පොලෝ තලය,
නෙතේ පුරා ආදරය             
කවිකාරි අද ගොලුවෙලා...

සමනල්ලු වරුසාව
සියොතුන්ගේ ගී ස්වරය
දැනිලාද ඔය පහස
අද කාලයේ නැවතිලා....

නෙතේ මුතු කැට වරුසාව,
අතරින් දුටුවා මුදු පොඩිය
කවිකාරි අද ගොලුවෙලා...

හුස්මේද හද ස්වරය
ගැබ් වුව ඒ මෙහොත
සුන්දරය ජීවිතය
හොරහින්ම මට පැවසුවා.....




Comments

Popular posts from this blog

ඔබ ඔබම වූයේ කෙසේද?

I Dimmed First