මහලු නිවාසයක කල් ගෙවන මවක්....


නිරසය නීරසය ගත වන සැම            දිනක
තවත් මා වැනිම වැඩිමල් අය            එක්ක
සිහිවෙනවා හිටියා මම නුබේ           එක්ක
අනේ දෙවියනේ එනවද පුතු             එක්ක

පුත  නුබ මා කුසට පැමිණිය දිනයේ       පටන්
සිතුවේ පැතුවේ නුබේ සතුටය එදා           සිටන්
හැදුවේ වැදුවේ ම නුබ මහා මෙරක්       ලෙසින්
දැන් මාගේ වරද වියපත් වූ බවද              කියන්

මෙහි නිතරම කලබැගෑනි ඇති              වෙනවා
පින් රැස් කරන දරුවන් මෙහි පැමි       ණෙනවා
පැමිණ අපේ සැප දුක් කම් විම                සනවා
මතකය නුබේ නෙතු කදුලෑලි              පුරවනවා

එන්නට ම බලන්නට බැරි ඇයිද               පුතේ
එනවට නුබේ බිරිදෑ අකමැතිද                  පුතේ
නැතිනම් මගෙන් වරදක් සිදු වුනිද            පුතේ
තනිකම දුක මිසක් වරදක් නොමැත         සිතේ

මගේ පුතේ සම දිනම ඔබහට සුබ          වේවා!
දුක් කදුලැලි අග හිගකම් නොම              වේවා!
නුබේ දරු පැටව යහතින් වැජ               
 බේවා!
පුතුනේ නුබට මේ ඉරණම නොම          වේවා!

2003

Comments

Popular posts from this blog

Just few More Hours.....