ලොවට සද සදක්මය ඇය එලෙස නොසිතුවත්......
නෙක දහස් තරු ගහන අහස ගැබ සිනැසෙමින්
උඩගුවෙන් ඇයිද සද තනිව සිට දිදුලමින්
වලා හා මුකුළු කොට සිනසෙමින් සැන්ගේමින්
දගකාර සද කුමරි කෙලිලොල්ය සැමවිටින්
නෙක දහස් තරු කුමරු ඈව දැක කැලැබුනත්
උන් වෙතින් කිරණ පොදි තෑගි ලෙස එවුවත්
තේජසින් මිතුදමින් ඇය කරා ලං වුවත්
සද කුමරි තනිකඩය වලා සිප සැන්ගෙමින්
පොළෝ මත සිසිලසේ සොමි කිරණ වගුරමින්
දිවා කල කටුක බව ඔහු වෙතින් දුරලමින්
ලෝ නිරිදු හට සතුරු තියුණු අවි මොට ලමින්
නිරතුරුව සිත් බැන්දේ ලෝ නිරිදු වෙත තෙදින්
වැව් දියේ ඇළ දොලේ රටාවන් මැවූවත්
කවි කුකවි හුදී ජන මත් බවින් කැලබුනත්
රුක් අරණ මද්‍යයේ පාලු බව නැසුවත්
ලොවට සද සදක්මය ඇය එලෙස නොසිතුවත්
2014
උන් වෙතින් කිරණ පොදි තෑගි ලෙස එවුවත්
තේජසින් මිතුදමින් ඇය කරා ලං වුවත්
සද කුමරි තනිකඩය වලා සිප සැන්ගෙමින්
පොළෝ මත සිසිලසේ සොමි කිරණ වගුරමින්
දිවා කල කටුක බව ඔහු වෙතින් දුරලමින්
ලෝ නිරිදු හට සතුරු තියුණු අවි මොට ලමින්
නිරතුරුව සිත් බැන්දේ ලෝ නිරිදු වෙත තෙදින්
වැව් දියේ ඇළ දොලේ රටාවන් මැවූවත්
කවි කුකවි හුදී ජන මත් බවින් කැලබුනත්
රුක් අරණ මද්‍යයේ පාලු බව නැසුවත්
ලොවට සද සදක්මය ඇය එලෙස නොසිතුවත්
2014
Comments
Post a Comment