ලොවට සද සදක්මය ඇය එලෙස නොසිතුවත්......


නෙක දහස් තරු ගහන අහස ගැබ    සිනැසෙමින්
උඩගුවෙන් ඇයිද සද තනිව සිට             දිදුලමින්
වලා හා මුකුළු කොට සිනසෙමින්    සැන්ගේමින්
දගකාර සද කුමරි කෙලිලොල්ය          සැමවිටින් 

නෙක දහස් තරු කුමරු ඈව දැක      කැලැබුනත්
උන් වෙතින් කිරණ පොදි තෑගි ලෙස       එවුවත්
තේජසින් මිතුදමින් ඇය කරා ලං               වුවත්
සද කුමරි තනිකඩය වලා සිප           සැන්ගෙමින්

පොළෝ මත සිසිලසේ සොමි කිරණ     වගුරමින්
දිවා කල කටුක බව ඔහු වෙතින්            දුරලමින්
ලෝ නිරිදු හට සතුරු තියුණු අවි      මොට ලමින්
නිරතුරුව සිත් බැන්දේ ලෝ නිරිදු වෙත   තෙදින්

වැව්‍ දියේ ඇළ දොලේ රටාවන්            මැවූවත්
කවි කුකවි හුදී ජන මත් බවින්           කැලබුනත්
රුක් අරණ මද්‍යයේ පාලු බව               නැසුවත්
ලොවට සද සදක්මය ඇය එලෙස     නොසිතුවත්

2014




Comments

Popular posts from this blog

ඔබ ඔබම වූයේ කෙසේද?

I Dimmed First

කවිකාරි අද ගොලුවෙලා