සමාවෙන්න දුව...

සමාවෙන්න දුව හිනැහෙනු බෑ මට වෙනදා මෙන් අද සිනහව දැක නුබ

මගේ අහස් කුස තිබු එකම සද, නෙක වර්ණ කැන් පොදි හකුලා එලිය කරන්නද මේ සැරසෙන්නේ යන්නට වෙන ගගනක් සොයලා...

දිවිය සපිරුනේ නුබෙ මදහස ඇක
මිණි රුවනයි එය ගෙදර එලිය කල
සිනා පොකුරු අරගෙන නුබ යනවද
විනා නුබේ ලොව හැඩ කරනා...

එදින මවුන්ටත් වඩා හැඩයි ඔබ
පුර සද මෙනි ඔසරිය පටලා
සමාවෙන්න මට බෑ සගවන්නට
නෙතේ කදුලු මට එරෙහි වෙලා...

Comments

Popular posts from this blog

ඔබ ඔබම වූයේ කෙසේද?

I Dimmed First

කවිකාරි අද ගොලුවෙලා