ඔබ ඔබම වූයේ කෙසේද?

මොහොතකට ඇස් වහන්න,
හදවත කියන දේ අහන්න,
අෂ්ඨ බිලියන මිනිස්සුන් මැද,
ඔබ ඔබම වූයේ කෙසේද?

ආදරය සොයනා.... 
වීරයන් සොයනා.....
විශ්වයේ මැද ලැබු ඔබේ ජීවිතේ කොච්චර වටිනවද සිතන්න....

විශ්වයේ සුවිසල් පරිමාව මැද,
මහා පිපුරුම පේන දුරකට,
ඇතිව නැති වෙන සූර්යයන් මැද,
තියෙනවා මනු දිවියක් ලබා මම..

පීරා බැලූවද දස දසදහස් ලෝ  තුළ,
අදත් නෑ තව ජීවයක් සොයාගෙන,
හුස්ම ගන්නා පදාර්ථය තුල,
ලැබු ආත්මය කොතරම් අහබුවක් වෙද,

Comments

Popular posts from this blog

I Dimmed First

කවිකාරි අද ගොලුවෙලා