Posts

Showing posts from December, 2025

ඔබ ඔබම වූයේ කෙසේද?

මොහොතකට ඇස් වහන්න, හදවත කියන දේ අහන්න, අෂ්ඨ බිලියන මිනිස්සුන් මැද, ඔබ ඔබම වූයේ කෙසේද? ආදරය සොයනා....  වීරයන් සොයනා..... විශ්වයේ මැද ලැබු ඔබේ ජීවිතේ කොච්චර වටිනවද සිතන්න.... විශ්වයේ සුවිසල් පරිමාව මැද, මහා පිපුරුම පේන දුරකට, ඇතිව නැති වෙන සූර්යයන් මැද, තියෙනවා මනු දිවියක් ලබා මම.. පීරා බැලූවද දස දසදහස් ලෝ  තුළ, අදත් නෑ තව ජීවයක් සොයාගෙන, හුස්ම ගන්නා පදාර්ථය තුල, ලැබු ආත්මය කොතරම් අහබුවක් වෙද,

ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු මගේ හීනයක්

 ඇහැරලා ඉද්දිත් දකිනවා, නිදි යහනදිත් මට පේනවා, ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු, හීනයක් මට තියෙනවා නැගලා නිමකරන්නට බැරි , කඳු ශිකරයක් දෝ, මම සිතනවා.... හිතේ සැකයයි, වටපිටාවයි, අතේ වාරුව බිඳිනවා... මගේ ගමනට මගේ වීරිය, ලොකුම සවියයි හැගෙනවා...  බයක් නෑ මට සැකත් නෑ, මම කන්ද මුදුනට නගිනවා... උඩුගම්බලා ඔරු පදිනවාදෝ ගමන ගැන සැක කරනවා.. ලොකු හීන තිබ්බාට මොකද මට, මගේ හිතම පස්සට අදිනවා... බාධක නෑ ගණන් ගන්නේ, වැඩියෙන්ම උත්සහ කරනවා පුංචි ඔරුවක් උනත් මම නම්, ගුඩුගම් බලා මම පදිනවා

I Dimmed First

Every time you were near, I dimmed my light So others could see you shine. Day after day, time after time, I watched you glow. Look how you shine— brighter than the sun. It’s funny how__ How you didn’t think twice before burning me with that light. Now I can’t even recall what it feels like to shine, Which was once...solely mine.