ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු මගේ හීනයක්

 ඇහැරලා ඉද්දිත් දකිනවා,

නිදි යහනදිත් මට පේනවා,

ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු,

හීනයක් මට තියෙනවා


නැගලා නිමකරන්නට බැරි , කඳු ශිකරයක් දෝ, මම සිතනවා....

හිතේ සැකයයි, වටපිටාවයි,

අතේ වාරුව බිඳිනවා...

මගේ ගමනට මගේ වීරිය, ලොකුම සවියයි හැගෙනවා... 

බයක් නෑ මට සැකත් නෑ, මම කන්ද මුදුනට නගිනවා...


උඩුගම්බලා ඔරු පදිනවාදෝ ගමන ගැන සැක කරනවා..

ලොකු හීන තිබ්බාට මොකද මට, මගේ හිතම පස්සට අදිනවා...

බාධක නෑ ගණන් ගන්නේ, වැඩියෙන්ම උත්සහ කරනවා

පුංචි ඔරුවක් උනත් මම නම්, ගුඩුගම් බලා මම පදිනවා

Comments

Popular posts from this blog

ඔබ ඔබම වූයේ කෙසේද?

I Dimmed First

කවිකාරි අද ගොලුවෙලා