Posts

ඔබ ඔබම වූයේ කෙසේද?

මොහොතකට ඇස් වහන්න, හදවත කියන දේ අහන්න, අෂ්ඨ බිලියන මිනිස්සුන් මැද, ඔබ ඔබම වූයේ කෙසේද? ආදරය සොයනා....  වීරයන් සොයනා..... විශ්වයේ මැද ලැබු ඔබේ ජීවිතේ කොච්චර වටිනවද සිතන්න.... විශ්වයේ සුවිසල් පරිමාව මැද, මහා පිපුරුම පේන දුරකට, ඇතිව නැති වෙන සූර්යයන් මැද, තියෙනවා මනු දිවියක් ලබා මම.. පීරා බැලූවද දස දසදහස් ලෝ  තුළ, අදත් නෑ තව ජීවයක් සොයාගෙන, හුස්ම ගන්නා පදාර්ථය තුල, ලැබු ආත්මය කොතරම් අහබුවක් වෙද,

ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු මගේ හීනයක්

 ඇහැරලා ඉද්දිත් දකිනවා, නිදි යහනදිත් මට පේනවා, ලෝකෙටත් වැඩියෙන් ලොකුම ලොකු, හීනයක් මට තියෙනවා නැගලා නිමකරන්නට බැරි , කඳු ශිකරයක් දෝ, මම සිතනවා.... හිතේ සැකයයි, වටපිටාවයි, අතේ වාරුව බිඳිනවා... මගේ ගමනට මගේ වීරිය, ලොකුම සවියයි හැගෙනවා...  බයක් නෑ මට සැකත් නෑ, මම කන්ද මුදුනට නගිනවා... උඩුගම්බලා ඔරු පදිනවාදෝ ගමන ගැන සැක කරනවා.. ලොකු හීන තිබ්බාට මොකද මට, මගේ හිතම පස්සට අදිනවා... බාධක නෑ ගණන් ගන්නේ, වැඩියෙන්ම උත්සහ කරනවා පුංචි ඔරුවක් උනත් මම නම්, ගුඩුගම් බලා මම පදිනවා

I Dimmed First

Every time you were near, I dimmed my light So others could see you shine. Day after day, time after time, I watched you glow. Look how you shine— brighter than the sun. It’s funny how__ How you didn’t think twice before burning me with that light. Now I can’t even recall what it feels like to shine, Which was once...solely mine.

කවිකාරි අද ගොලුවෙලා

Image
අල්ලාන ඔබේ දෑත පිය මැන්න රුක් යාය දැනිලාද ඔය පහස අද ඉන්නේ ලැජ්ජා වෙලා.... දන සිබිමින් පොලෝ තලය, නෙතේ පුරා ආදරය              කවිකාරි අද ගොලුවෙලා... සමනල්ලු වරුසාව සියොතුන්ගේ ගී ස්වරය දැනිලාද ඔය පහස අද කාලයේ නැවතිලා.... නෙතේ මුතු කැට වරුසාව, අතරින් දුටුවා මුදු පොඩිය කවිකාරි අද ගොලුවෙලා... හුස්මේද හද ස්වරය ගැබ් වුව ඒ මෙහොත සුන්දරය ජීවිතය හොරහින්ම මට පැවසුවා.....

ජිවිතේ මේ මොහොත ගෙවන්නට

මතකයන් ඉවතලනු හැකි වුනත්       මතකයන් උදෙසාම දිවි ගෙවමි කාලයන් පෙරලනු හැකි වුනත්       ඒ සොදුරු දිනය දැක සිනා සෙමි කාල අක්ෂය දිගේ ගමන් කල හැකි නම්          නෙතු ගැටුණු ඒ මොහොත සොයා ගත හැකි නම් හැකි වේවි මේ මොහොත පහසුවෙන් විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට මතක කැටි අහුලා එකතු කල හැකි නම්          පොදි ගැසූ මතකයන් විසි කල හැකි නම් හැකි වේවි ඔහු පහස ඔහු සමග විදින්නට           හැකි වේවි ජිවිතේ මේ මොහොත ගෙවන්නට

සමාවෙන්න දුව...

සමාවෙන්න දුව හිනැහෙනු බෑ මට වෙනදා මෙන් අද සිනහව දැක නුබ මගේ අහස් කුස තිබු එකම සද, නෙක වර්ණ කැන් පොදි හකුලා එලිය කරන්නද මේ සැරසෙන්නේ යන්නට වෙන ගගනක් සොයලා... දිවිය සපිරුනේ නුබෙ මදහස ඇක මිණි රුවනයි එය ගෙදර එලිය කල සිනා පොකුරු අරගෙන නුබ යනවද විනා නුබේ ලොව හැඩ කරනා... එදින මවුන්ටත් වඩා හැඩයි ඔබ පුර සද මෙනි ඔසරිය පටලා සමාවෙන්න මට බෑ සගවන්නට නෙතේ කදුලු මට එරෙහි වෙලා...

Fathers Eyes

I felt Jelous, Seing the same look, In another persons eyes Towards his son, Just like my fathers eyes, At me ......